December 15, 2017

හදිසි දුම්රිය වර්ජනය නිසා කොටුව දුම්රියපොළ උණුසුම් - ආරක්ෂාවට පොලිසියත් කැඳවයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වන බව ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති ඩී.සී.පී පරණවිතාන මහතා පවසයි.

දුම්රිය රියදුරු සහයකයන් බඳවා ගැනීමේ කාර්ය පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදු කරන බව ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය  උපදේශක දඩල්ලගේ මහතා සමඟ ඊයේ සවස පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී තිබේ.මෙම වැඩ වර්ජනයට තම සහයෝගය ලබා දෙන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

රාජකාරී නිමවී නිවෙස් බලා යෑමට පැමිණි බොහෝ පිරිසක් පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූහ. මේ හේතුවෙන් දැඩි කෝපයට පත් මගීහු දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වටකොට දුම්රිය වර්ජනයට විරෝධය පෑහ.

Rate this item
(0 votes)