September 23, 2017

තෙවරප්පෙරුම විපක්ෂ නායකට වකුගඩුවක් දෙන්න තීරණය කරයි

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම වකුගඩුවක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශයක් කර තිබේ.

දැනට රෝගී තත්වයෙන් පසුවන බස්නාහිර පළාතේ විපක්ෂ නායක, හෝමාගම එජාප ප්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතාට අවශ්‍ය නම් තම වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි බව පසුගිය දා ඇති වූ ගංවතුර හා නායයාම් තත්වයේදී සිදු කල සමාජ මෙහෙවර වෙනුවෙන් මත්තේගොඩ ප්‍රදේශයේදී පසුගිය දා පැවැත්වූ උපහාර පිදීමේ උත්සවයකදී නියෝජ්‍ය ඇමැතිවරයා පැවසී ය.

පසුගිය ගං වතුර සමයේ පීඩාවට පත් ජනතාව ඉන් බේරා ගැනීම පිණිස තම තනතුර ගැන නොතකා මහත් වෙහෙස මහන්සියෙන් කටයුතු කළ ඒ මහතා සුවිසල් ජනප්‍රසාදයකට පාත්‍රවිය.

Rate this item
(1 Vote)