November 22, 2017

සිල් රෙදි නඩුව : මහින්දටත් නඩු පවරන්න සූදානම්

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදා දිමේ සිද්ධිය පිළිබඳ වගකිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාර ගන්නේ නම් ඔහුට විරුද්ධව ද අධිකරණය හමුවේ නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සිල් රෙදි නඩුව පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ඵල කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට මෙලෙස ප්‍රකාශ කිරීමට තිබුණේ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට දඬුවම් විදීමට නියෝග වීමට පෙර බවත් පැවසීය.

මේ වරද මහින්ද රාජපක්ෂ මහතා කර ඇති බවත් මේ නඩුව දින 24ක් තිස්සේ විභාග වූ බවත් පැවසු ඒ මහතා සඳහන් කළේ දවස් 24න් එක් දවසක අධිකරණයට පැමිණ මේ කරුණු පැවසීමට ඉඩ තිබූ බවය.

එසේ නොකර දඬුවම් දෙන තෙක් සිට වැලිකඩට ගොස් පැමිණෙන විට මෙලෙස පැවසීම ඔහු සිතන්නේ ඔහුගේ වීරත්වයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙම වරද පිළිගන්නේ නම් ඒ නියෝගය අනුව මහින්ද රාජපක්ෂ මහතාටත් අධිකරණයට  හමුවේ නඩු පැවරිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 September 2017 09:56