June 20, 2018

බන්ධනාගාර රෝහල හදිසියේ වටලයි

බන්ධනාගාර රෝහලේ කටයුතු පිළිබඳව මේ දිනවල පවතින තත්ත්වය සහ බන්ධනාගාර රෝහල සම්බන්ධ රෝහල සම්බන්ධ විවේචන පිළිබඳව අවධානය යොමු කළ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු පිලිබඳ අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් මහතා පෙරේදා (12) බන්ධනාගාර රෝහල හදිසි පරීක්ෂාවකට ලක් කරන ලෙස බන්ධනාගාර බුද්ධි අංශයට ඍජු නියෝගයක් ලබා දෙන ලදී.

මෙම හදිසි වැටලීම නිරීක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර අමාත්‍යංශ නිලධාරීන් දෙදෙනෙකු ද යොදවා ඇත.

ඒ අනුව බන්ධනාගාර බුද්ධි අංශ විසින් පෙරේදා  (12) දහවල් සිදු කරන ලද පරික්ෂාවේදී බන්ධනාගාර රෝහලේ තිබියදී ජංගම දුරකථන 2ක් සහ සිම් පත් 2ක් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම දුරකථන කවුරුන් විසින් භාවිත කළේද යන්න ඉදිරි පරීක්ෂණවලදී සොයා බැලීමට නියමිත අතර එම කටයුතු සඳහා සම්බන්ධ නිලධාරීන්ට සහ රැඳවියන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

 

Rate this item
(0 votes)