November 22, 2017

වංචනික ලොතරැයි පත් ගැන සොයන්න වංචා විමර්ශන අංශය බන්දුලගෙන් ප්‍රශ්න කරයි

ලොතරැයි මණ්ඩලවල ක්‍රියාකලාපයන් පිළිබද විමර්ශනය කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස පොලිස් වංචා විමර්ශන අංශයේ නිළධාරීන් වෙත දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දිනුම් වාරය නොමැති සහ දිනුම් අදින දිනයක් සඳහන්ව නොමැති ගොවිසෙත  ලොතරැයිය වෙළෙදපොලේ ඇති බවට චෝදනා කරමින්  පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය ඊයේ (12)  ඒ මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව වංචා විමර්ශන අංශය කියයි.

ඊයේ (12) පස්වරුවේ සිය නිවසේදී වංචා විමර්ශන නිලධාරීන් වෙත කටඋත්තරයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඉකුත් ජුලි මාසයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වංචනික ටිකට්පත් බව පවසමින් ඒ මහතා මෙම ටිකට් පත් 10 මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ලොතරැයි මණ්ඩලය වංචා විමර්ශන අංශය වෙත කළ පැමිණිල්ලක් අනුව මෙම ප‍්‍රශ්න කිරීම සිදුකර තිබුණි.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 September 2017 15:37