November 22, 2017

දකුණේ ක්‍රීඩා ඇමැති ඉවත් කෙරේ

දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර එම විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට පැවරීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද (13) කටයුතු කළේය.

ඒ අනුව අදාළ විෂයයන් සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා අද ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ මහතා ඡන්දය භාවිතා කළ අයෙකි.

 

Rate this item
(1 Vote)