September 23, 2017

"මේ වසරේ ඡන්දයක් නෑ" - මහින්ද දේශප්‍රිය කියයි

පළාත් පාලන ඡන්දය මේ වසරේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඊයේ (12) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති උත්සවයකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“බැලූ බැල්මට පැහැදිලිවම පෙනී යනවා පළාත් පාලන ආයතන ජන්ද විමසීම මෙම වර්ෂයේදී තැබිය නොහැකි බව.අපට කියන්නට පුළුවන් එය ජනවාරි මාසයේදී පැවැත්වීමට පියවර ගත හැකි බව.එයට හේතුව වන්නේ දෙසැම්බර් මාසයේ ජන්ද විමසීම තැබිය හැකි එකම සෙනසුරාදා දින විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ඉල්ලා සිටීමයි.ජනවාරි 6 , 20 හා 21 වැනිදා තියන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙනවා.අපි කැමති ඡන්දය පුළුවන් තරම් ඉක්මනින් තියන්න.නමුත් දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන් තෝර ගන්න අවස්ථාව දීම අවශ්‍යයි. ඒ වගේම පනත අනුව අපේක්ෂක නාම ලේඛනවලට 25 %ක් කාන්තා නියෝජනයක් අනිවාර්ය වී තිබෙනවා.නැතහොත් එම නාම ලේඛන ප්‍රතික්ෂේප වෙනු ඇති “
 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 September 2017 10:37