June 20, 2018

අර්ජුන ඇලෝසියස් රට යයිද? - බැඳුම්කර කොමිසමට තහවුරු නොකළ ආරංචියක්

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් තමන්ට දැන ගැනීමට ලැබුණු බව වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ  (12) කොමිසමට  දැනුම් දුන්නේය.

තහවුරු නොකළ මෙම ආරංචිය සනාථ කර ගැනීම සඳහා කොමිසමේ විමර්ශන නිලධාරීන් ඊයේ පස්වරුවේ ඔහුගේ නිවසට ගිය බව ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා දැනුම් දුන් විට නැඟී සිටි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා තම සේවාදායකයා විදේශගත වී නොමැති බවත් ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවත් පැවසීය.

අර්ජුන් ඇලෝසියස් මහතා අද (13) මෙම කොමිසම හමුවට පැමිණීමේ අපේක්‍ෂාවෙන් පසුවන්නේ යැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසමේ විමර්ශන නිලධාරීන් තම සේවාදායකයාට  කරදර කරන්නේ යැයිද වැඩිදුරටත්  දැනුම් දුන්නේය.

 

Rate this item
(0 votes)