September 23, 2017

විදුලිබල සේවකයින් අද සිට වැඩවර්ජනයක

ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් අද (13) දහවල් 12 සිට පැය 48ක වැඩවර්ජනයක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

පාරිභෝගික විදුලිබිල නිවැරදි කරන ලෙසට හා ගෙවීම් පැහැර හැර ඇති අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 2000 ක් තැන්පත් කරන ලෙස සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය සිදු කරන බවද එම සංගමයේ සම කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

බලධාරීන් විසින් සිදු කරන දුෂණය, නාස්තිය නිසා මණ්ඩලයට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා සෑම විදුලි බිලකටම සැබෑ මුදලට 50%ක මුදලක් එකතුකර බිල්පත් සකස් කරන බව ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ජාවකදී සඳහන් කළේය.

මීට අමතරව අර්ථසාධක අරමුදලට සේවකයන්ගෙන් අයකරගත් රුපියල් මිලියන 2000ක් තැන්පත් කර නොමැති බවද පවසා සිටියේය.

වර්ජනය සිදුවන පැය 48ක කාලය තුළදී විසඳුම් නොලැබුණහොත් අනිද්දා (15) දහවල් 12 තෙක් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)