September 23, 2017

"ඒකීය රටකට එකඟ වෙන්න බෑ" - විග්නේෂ්වරන් (VIDEO)

ඒකීය ව්‍යවස්ථාවකින් කිසිදු ඵලක් නැති බවත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පැවසීය.  

ඔහු මේ බව පැවසුවේ අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නය පෙරේදා (10) බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“හාමුදුරුවෝ කියපු දේවල් සම්පුර්ණයෙන්ම මට පිළිගන්න බැහැ.නමුත් ආගමික ප්‍රශ්නයක් මට නැහැ.ඔක්කොම ආගම් මට එක වගේමයි.බෙදුම්වාදය බෙදුම්වාදය කියලා හැමතිස්සෙම බෙදන්න හදනවා කියලා කිව්වා.ඒක ගැන මට එකක් කියන්න තියෙනවා.1930 නැත්තම් 40 කාලේ උඩරට අය තමයි මුලින්ම කිව්වේ ෆෙඩරල් ක්‍රමයක් ඕන කියලා.ඒ නිසා අපි විශේෂ තත්ත්වය ආරක්ෂා කරලා බලන්න යන එක බෙදුම්වාදයක් කියලා හිතන්නේ.ඒක වැරදියි.අවස්ථාවක් දෙන්න ඕන කියලා තමයි අහන්නේ.ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ පළාත් 9ටම ඔය ෆෙඩරල් ක්‍රමය දෙන්න පුළුවන්.”

අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඒ මහතා මෙසේ  වැඩිදුරටත් අදහස් දැක්වීය.

“එක්සත් හරි ඒකීය කියනකොට තමයි අපිට ප්‍රශ්නේ වෙන්නේ.13වන සංශෝදනය යටතේ අපට කිසි දෙයක් හරියට කරගෙන යන්න බෑ.ආණ්ඩුවෙන් ඉඩ දෙන්නේ නෑ.හුගක් කරදර තියෙනවා.ඒක තමයි අපි කියන්නේ ඒකීය භාවයෙන් වැඩක් නැහැ. එක්සත්  ව්‍යවස්ථාවක් දාගන්න කියලා.මේ රට එකයි.සිංහල ජනතාව තමයි බහුතර ජාතිය.ඒගොල්ලෝ කියන හැටියට තමයි රට කරගෙන යන්න ඕනේ කියලා ආකල්පයක් තියෙනවා.අපි කියන්නේ උතුරු නැගෙනහිරින් අපි තමයි බහුතර ජාතිය.ඒ නිසා අපේ වෙනස්කම භාරගන්න ඕනේ.ඒකට ෆෙඩරල් ක්‍රමය තමයි හරිම හොඳම ක්‍රමය.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 September 2017 14:07