April 25, 2024

කොළඹ මහේස්ත්‍රාත්වරයාගෙන් "ඥානසාර හිමිට අවවාද"

ඕනෑම සේවා දායකයකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය නීතීඥවරුන්ට ඇති බවත් ඔවුන් ද අධිකරණ නිලධාරීන් ලෙස සලකන බැවින් ඔවුන්ට බැන තර්ජනය කිරීමෙන් වළකින ලෙසත් කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ  කළේය.

කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ පසුගිය අප්‍රේල් 09 වැනි දා පැවැති ජාතික බල සේනාවේ මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සභාපති වටරැක විජිත හිමියන්ට තර්ජනය කළ බවට සිදුකළ පැමිණිල්ල හා කොම්පඤ්ඤවීදිය පොලිසිය අසළ දී කුරාණයට අපහාස වන ප්‍රකාශ නිකුත් කළැයි කියන පැමිණිල්ල අද (07) අධිකරණයේ දී කැඳවිණි.

ඥානසාර හිමිගේ ප්‍රකාශයෙන් කුරාණයට අපහාස වූයේදැයි තහවුරු කර ගැනීම සඳහා එම ප්‍රකාශය ඇතුළත් සංයුක්ත තැටිය ඉස්ලාම් ආගමික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කළ බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වූයේය.

එම නඩුවේ පැමිණිල්ලේ විභාගය සැප්තැම්බර් 01 වැනි දාට කල් තැබිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 July 2014 15:42