April 20, 2024

හරේන් හා ශෂීන්ද්‍ර ඌව සටනට ස්ථිරයි

ඌව පළාත් සභාවේ මැතිවරණයේදී ප්‍රධාන අමාත්‍යධූර අපේක්ෂකයින් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඌව පළාත් සභා මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාත්, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාත් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.  

ඌව පළාත් සභාවේ මහ ඇමැති අපේක්‍ෂක ධුරය සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කිරීමට එම පක්‍ෂය ඊයේ (06) තීරණය කර තිබේ.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරි සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වී ඌව පළාත් සභා මැතිවරණයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභාවට මහ ඇමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහු හා පක්‍ෂ නායකයන්, ක්‍රියාකාරීන් අතර පසුගිය සති කිහිපයේම සාකච්ඡා වට ගණනාවක්‌ පැවැත්විණි.

 

Rate this item
(0 votes)