March 29, 2024

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායකත්වය චාමර කපුගෙදරට

ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කණ්ඩායමේ උප නායකයා වශයෙන් කටයුතු කරමින් සිටින චාමර කපුගෙදර පත්කර තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන (27) සහ සතර වන (31) එක් දින තරග සඳහා චාමර කපුගෙදර නායකත්වය ලබා දෙනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විසින් නායක උපුල් තරංග හට තරඟ තහනම් නියෝගයක් ලබා දී ඇති හෙයින් මෙම නව පත්වීම සිදුකර ඇත. මෙලස තරග තහනමක් පැනවීමට පියවර ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව සමග පැවති දෙවන එක් දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 August 2017 15:30