March 29, 2024

පීලි 'මලකඩ' කයි දුම්රිය අනතුරේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පීලි මළබැඳී දිරාපත් වී ඇති බැවින් ඒවා පිළිසකර කරන තුරු වේග සීමා පනවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩීඒපී ආරියරත්න මහතා පවසයි.

මෙලෙස වේග සීමා පැනවීම හේතුවෙන් දුම්රිය සේවා තරමක ප‍්‍රමාද විය හැකි බව ද සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දෙයි.

ඊයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැන අනතුරට ලක්වීමට හේතුව වී ඇත්තේ ද පීලි දිරාපත්වීම නිසා පීල්ල කැඩීයාම බව හෙතෙම අනාවරණය කළේ ය.

 

Rate this item
(0 votes)