April 20, 2024

"එක කාලකන්නියෙකුටවත් ලංකාවට එන්න දෙන්නේ නෑ" - එස්.බී. එක්සත් ජාතීන්ට ගොරවයි

"ඔබාමා යෝජනාවක් ගෙනල්ලා අපට විරුද්ධ ව හොඳ වාර්තාවක් හදයි. ලංකාවේ බිමට ඔය එක කාලකන්නියෙක්ටවත් එන්න දෙන්නෙ නෑ කියලා පාර්ලිමේන්තුව තීරණය කරලා ඉවරයි. 

ලංකාවට විරුද්ධ වාර්තා හදලා ඒවා මේවා කරන්න ඕන කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දාලා ඒක සම්මත කරයි.

ආරක්ෂක මණ්ඩලයට ඕක ආවා ම චීනයත් ඉන්නවා, රුසියාවත් ඉන්නවා. අපි හිතනවා ඒ අය අපිත් එක්ක එකට හිට ගනී කියලා. ඒ හින්දා ආරක්ෂක මණ්ඩලයේ දී චීනය හරි රුසියාව හරි විරුද්ධයි කිව්ව ම එක දෙයයි කරන්න තියෙන්නේ ඔය වාර්තාව හොඳට කරකවලා අරං පිල්ලේ නෝනාගේ පිටි පස්සේ ගහන එක."

ඌව පරණගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් හමු වූ රැස්වීමක දී පසුගිය දා උසස් අධ්‍යපන අමාත්‍ය එස්බී දිසානායක මහතා මේ බව පැවසී ය.

ප්‍රේමලාල් රත්නායක

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 July 2014 12:27