August 17, 2017

මත්තල කර්මාන්ත පුරයට ඉඩම් හඳුනා ගැනීමට කමිටුවක්

හම්බන්තොට හා මත්තල ඉදිකිරීමට යෝජිත කර්මාන්තපුරය සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම හා අත්පත් කර ගැනීම් සිදු කිරීමේදී ඊට අදාළ කටයුතු සොයා බලා වාර්තා කිරීමට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්ගේ සහභාගීත්වයෙන් හා ඉඩම්, වනජීවී, මහවැලි සහ නාගරික සංවර්ධන යන අමාත්‍යංශවල ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

හම්බන්තොට, මත්තල කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති කර්මාන්තපුරය ආරම්භ කිරීම සඳහා ඊට අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීමේ මූලික සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

එම කමිටුවේ වාර්තාව අනුව මීළඟ සාකච්ඡාව පැවැත්වීමට තීරණය වී ඇත.

Rate this item
(0 votes)