June 19, 2018

ඌවේ සෞඛ්‍ය ඇමති පුටුවට නව ඇමතිවරයෙක්

ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුභසාධන අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

මේ අතර මහියංගනය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තේනුක විදානගමගේ මහතා පත් කර තිබේ.

ඒ මහතා ද ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Rate this item
(0 votes)