December 15, 2017

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ඉරිදාට නෑ

හෙට (13) කැලණිවැලි දුම්රිය මාර්ගයේ රේල් බසය හැර කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් මඟී ජනතාවට ඇතිවන අපහසුතාවය අවම කිරීම සඳහා මහරගම හා කොස්ගම දුම්රිය ස්ථාන අතර දැනට ධාවනය වන රේල් බස් රථය සාමාන්‍ය  පරිදි ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බව ඒ මහතා කියා සිටියේය.

කෙසේවෙතත්  අනිද්දා (14)  සිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)