June 19, 2018

කටාර් තානාපති ඒ.එස්.පී.ලියනගේගෙන් ඉල්ලීමක්

ආර්ථිකය, සංචාරක ව්‍යාපාරය හා අනෙකුත් අංගයන් නංවාලීම අරමුණු කරගෙන ලබන 28 හා 29 දෙදින තුළ ලංකාවේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්ගේ විශේෂ සමුළුව කිසිදු හේතුවක් නිසා කල් දැමීමක් හෝ අවලංගු කිරීමක් සිදු නොකරන්නැයි කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව සඳහන් වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.

යම්කිසි හේතුවක් මත මේ සමුළුව නතර කළහොත් හෝ කල් දැමීමක් සිදු කළහොත් ඒ මඟින් මෙරටට ලැබීමට නියමිත විශාල සම්පත් සමූහයක් අහිමි වනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)