October 19, 2017

කොළඹට වැඩියෙන් කුණු එන්නෙ පිටින්

කොළඹ නගරයේ ජිවත්වන දහතුන් ලක්ෂයකට දිනපතා පොදු පහසුකම් සැලසීමට සිදු වී ඇතැයි කොළඹ නගර සභාව පවසයි.

නගරයේ ජීවත්වන ලක්ෂ 6ක් හා නගරයට දිනපතා පැමිණෙන ලක්ෂ 6 ½ ක් මේ අතර වන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා සඳහන් කරයි.

මෙම සමස්ත ජනගහනය වෙනුවෙන් ජල විදුලි පහසුකම් සැලසීම කසළ බැහැර කිරීමේ මළ නාලිකා හා මාර්ග නඩත්තු කිරීමට සිදු වී ඇතැයි කොමසාරිස්වරයා පවසයි.

කොළඹ මහ නගර සභාවේ වාර්ෂික බදු අදායම රුපියල් බිලියන 15 ඉක්මවන අතර වියදම ද රුපියල් බිලියන 15ක් බව නාගරික භාණ්ඩාගරික දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිනපතා නගරයේ එක්රැස් වන කසළ ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 700කට අධික බවත් මෙයින් කසළ මෙට්ට්‍රික් ටොන් 400ක්ම එක්රැස් වන්නේ දිනපතා විවිධ අවශ්‍යතා සඳහා පිටතින් පැමිණෙන ජනතාවගෙන් බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.

නගර සභාව නඩත්තු කිරීමට ඇති මාර්ග ප්‍රමාණය කිලෝමීටර් 475ක් බවද සඳහන් වන අතර මහජන සුබ සාධනය වෙනුවෙන් නගර සභාව වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටියකට අධික බවට ගණන් බලා ඇති බවත් කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය 8500ක් බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 16:40