October 19, 2017

ඇමති මංගල උතුරට

ශ්‍රී ලංකා රේගුවේ උප නිවාරණ කාර්යාලයක් විවෘත කිරීම යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හා උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝඩ් කුරේ යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙසේ උතුරු පළාත තුල රේගු නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුනේ වසර 34කට පසුවයි.1983 දී උතුරු පළාතේ රේගු කටයුතු සම්පුර්ණයෙන්ම ඇන හිටි අතර 2011 දී නැවත යාපනයේ තැපැල් කාර්යාලයේ කොටසක රේගු කටයුතු තාවකාලිකව ආරම්භ කරන අතර එම කටයුතු තවදුරටත් යාවත්කාලීන කර ගැනීමට හා රේගු කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙම නව කාර්යාලය අද දින ආරම්භ කෙරිණ.

උත්සව අවස්ථාවට සහභාගී වී වූ මංගල සමරවීර මහතා මෙසේ අදහස් දැක්වීය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වන රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාට විශේෂ ප්‍රශංසාවක් කරමින් කියා සිටියේ ත්‍රිභාෂික අමාත්‍යවරයෙක් හැටියට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ගැන ඉතා ආඩම්බර වන බවත් තමන් දේශපාලන කටයුතු ආරම්භ කරනු ලැබූ කාලයේ සිට මේ දක්වා ජාතික සහජීවනය වෙනුවෙන් මහත් කැපකිරීමක් කරනු ලැබූ පරිණත, මනා දැනුමකින් යුත් දේශපාලන නායකයකු බවයි.

මේ අනුව ආරම්භ කරපු නව කාර්යාලය මගින් උතුරු පලාතේ රේගු කටයුතුවලට මෙන්ම රැකියා විරහිත තරුණ තරුණියන්ටද මහගු අවස්ථාවක් බවටද කියා සිටියේය.

 

Rate this item
(0 votes)