August 17, 2017

බස්රථ මංතීරු ක්‍රමය 15 වනදා සිට ක්‍රියාත්මකයි

මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම ලබන අඟහරුවාදා (15) සිට ආරම්භ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සතියේ දිනවල උදෑසන 06.00  සිට 09.00 දක්වා කාලය තුළ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

මොරටුව සිට කොළඹ දක්වා සහ බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මංතීරු 03කින් සමන්විත මාර්ග ප්‍රදේශවල ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම ප්‍රමුඛතා මංතීරුවල පුද්ගලික සහ ලංගම බස්  රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථවලට ද ගමන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කළ අත්හදාබැලීම් සහ සමීක්ෂණ වාර්තා අනුව නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථ වාහන තදබදයට පිළියම් වශයෙන් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් සඳහන් වේ.

Rate this item
(0 votes)