October 18, 2017

පර්පචුවල් සමාගමට බැඳුම්කර කොමිසමෙන් සිතාසි

පර්පචුවල් සමාගම් සමූහය මඟින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් නැමැති මධ්‍යසාර නිෂ්පාදන සමාගම මිලදී ගත් ආකාරය ඇතුළු තොරතුරු ලබා දෙන ලෙසට මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඊයේ (10) සිතාසි නිකුත් කරනු ලැබීය.

ඒ අනුව අදාළ තොරතුරු ලබන බදාදා කොමිසමට ලබා දිය යුතු අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (11) තුන්වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දී ඇත.

ඒ සඳහා ඔහු ලැප්ටොප් පරිගණකයක් උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සිය විරෝධය පළ කර ඇත.

නීතිඥවරයා සකසා දුන් පිටපතක් අනුව ඔහු සාක්ෂි ලබා දෙන බව සාක්ෂිකරු අසලට පැමිණ පරිගණකය පරික්ෂා කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පරිගණකය වසා දමා සාක්ෂි ලබා දෙන ලෙස කොමිසම එම අවස්ථාවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාට නියෝග කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 14:01