October 18, 2017

කෝපායි සිද්ධියේ තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට

යාපනය කෝපායි ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ඊයේ (10) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා යාපනය වැල්වැටිතුරෙයි සහ කොකුවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මීට පෙරද මෙම සිද්ධිය සමබන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

Rate this item
(0 votes)