March 29, 2024

මැලේසියානු ගුවන් යානයේ අභිරහස විසදෙයි

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවත් එම ගුවන් යානයේ කොටස් බවට හඳුනාගත් බවත් මැලේසියානු අගමැති  නජීබ් අබ්දූල් මහතා අද(24) නිල වශයෙන් ප්‍රකාශ කළේය.මේ සඳහා මෙහෙයුම් සිදුකල ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ චන්ද්‍රිකා ඡායාරූප මත අදාල ස්ථානයට ලඟාවීමෙන් අනතුරුව එම කොටස් පරීක්ෂා කිරීමෙන් තහවුරු කර ගෙන තිබේ.

මෙරට වේලාවෙන් අද(24) පස්වරු 7.30ට පමණ මැලේසියානු අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවේ “මම කණගාටු වෙනවා මෙම කාරණව නිවේදනය කිරීමට.පසුගියදා අතුරදන් වූ ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව තහවුරු වුණා. පණිවිඩ චන්ද්‍රිකා හා වෙනත් තොරතුරු මත මේ බව තහවුරු වුණා. මෙම අනතුරින් ගුවන් යානයේ ගමන්ගත් කිසිවෙකු දිවි ‍බේරාගෙන නොමැති බව කණගාටුවෙන් ප්‍රකාශ කරනාවා” යැයි සඳහන් කළේය.

මෙම මෙහෙයුමට නෞකා 18ක්,ගුවන් යානා 35ක් හා පණිවිඩ චන්ද්‍රිකා 21ක් යොදා ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 March 2014 12:23