March 28, 2024

අර්ජුන ඇලෝයිසියස් මුදල් ලබා නොදීමෙන් 'සන්ඩේ ලීඩර්' නවතී

මාධ්‍යව්දී ලසන්ත වික්‍රමතුංග මහතා විසින් පිහිටුවන ලද සන්ඩේ ලීඩර් පුවත්පත මුද්‍රණය කිරීම නතර කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

භාණ්ඩාගාර බැඳුම්කර විමර්ශනය පිලිබඳව හේතුවෙන් සැමගේ දැඩි අවධානයට පාත්‍රව ඇති අර්ජුන ඇලෝයිසිසස් සන්ඩේ ලීඩර් පුවත්පතට අරමුදල් සපයා ඇති බව සැලකේ.

අර්ජුන ඇලෝයිසියස් විසින් සන්ඩේ ලීඩර් පුවත්පත මුද්‍රණය කිරීමට අදාල අරමුදල් කපා හැරීම හේතුවෙන් පුවත්පත මුද්‍රණය කිරීම නතර කිරීමට අදාළ පුවත්පත් සමාගමට සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අර්ජුන ඇලෝසියස් විසින් අදාළ පුවත්පත් සමාගම වෙත මුදල් බැර කර ඇති බව බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති කොමිෂමේදී අනාවරණය විය.

ඇලෝසියස් පුවත්පත විසින් මුදල් බැර කර ඇති බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිෂමේදී අනාවරණය විය.

එහි සේවකයන්ගේ වැටුප් මාස ගණනාවක් ගෙවා නැති අතර එහි සේවකයන්ට අනුව, සමාගම බංකොලොත් වීමට ආසන්න තත්ත්වයක පවතී.

විප්ලවකාරී පුවත්පතක් ලෙස සැලකෙන සන්ඩේ ලීඩර් පුවත්පතහි එවකට කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි මාසයේ දී සන්නද්ධ කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදී.

ඔහුගේ මරණයෙන් වසර කීපයකට පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සමීපතම හිතවතෙකු වන අසංග සෙනවිරත්න මහතා එම පුවත්පත හිමි කාරීත්වය ලබා ගත්තේය.

2015 ජනවාරියේ දී නව ආන්ඩුව බලයට පත්වීමෙන් පසු සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන මූල්‍ය සම්පාදක අර්ජුන ඇලෝසියස් බවට පත් වූ අතර සමාගම පරිපාලනය සඳහා අධ්‍යක්ෂකවරයෙකු පත් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 August 2017 14:16