April 20, 2024

රවීගේ ඇමැතිධූරය තිලක් මාරපනට හෝ නවීන් දිසානායකට

විදේශ කටයුතු අමාත්‍ය ධූරය සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවට සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා හෝ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පත්කිරීමට නියමිත බවට වාර්තාවේ.

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් ඇලෝසියස් විසින් කරුණානානායක මහතාගේ සුඛෝපභෝගී මහල් නිවසෙහි කුලිය ගෙවා ඇති බවට සැකකෙරේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු විසින් හිටපු මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලද අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය සම්පූර්ණ වන තෙක් විදේශ කටයුතු ඇමතිවරයා ගෞරවානවිත ආකාරයෙන් කැබිනට් මන්ඩලයෙන් ඉවත්විය යුතු ලෙසට බලපෑම් එල්ල වී තිබේ.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර අමාත්‍ය කරුණානායක සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට අපේක්ෂා කෙරේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 August 2017 15:07