April 25, 2024

(EXCLUSIVE) රවීගේ ඇමැති පට්ටම ගලවන්නැයි ශ්‍රීලනිප ඇමැතිවරුගෙන් ජනපතිට බලපෑම්

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් නිල වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

අමාත්‍ය කරුණානායක මහතාගේ හැසිරීම සමස්ත රජයම විනාශයට පත්කර ඇති බව ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තාවේ.  

ඇමතිවරයාට එරෙහිව කඩිනමින් කටයුතු නොකළහොත් කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට සහාය දෙන බව ශ්‍රීලනිප ඇමතිවරුන් දැනටමත් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සඳහා සහාය දෙන බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දන්වා ඇත. කොමිසම ඉදිරියේ අමාත්‍ය කරුණානානායකගේ ප්‍රකාශය මුළු ආණ්ඩුවම සිනාවට ලක් කර ඇති බව ඔවුහු පෙන්වා දී ඇති අතර ඇමති කණ්ඩායම ප්‍රකාශ කළ අදහස් සමඟ ජනාධිපතිවරයා එකඟ වී ඇත.

ඉදිරි දින කිහිපය ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. රවී කරුණානායක මහතා තනතුරෙන් ඉවත් කිරීමට පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ජනාධිපතිවරයාට අවස්තාව ලබාදී ඇති බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

කෙසේ වෙතත්, මේ පිළිබඳ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්ඡාවකින් පසුව අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

Rate this item
(5 votes)
Last modified on Friday, 04 August 2017 15:53