November 22, 2017

සයිටම් රෝහල අද රජයට පවරා දෙයි

මාලබේ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම අද (17) පෙ.ව. 10.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. 

මෙම අවස්‌ථාවට සහභාගි වන ලෙස රජයේ ප්‍රධානීන් රැසකට ඇරයුම් කර ඇත.

බිලියන 3 ක්‌ වටිනා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරනු ලබන්නේ එහි සේවය කරන කාර්ය මණ්‌ඩලය සහ උපකරණ ඇතුළු සියලුම භාණ්‌ඩ ද සමඟය.

මෙම රෝහල රජයට පරිත්‍යාග කිරීමෙන් කිසිම මුදලක්‌ රජයෙන් ලබා නොගන්නා බව ද එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

Rate this item
(0 votes)