September 24, 2017

ආණ්ඩුවෙන් යන ශ්‍රීලනිප ඇමැතිවරුන් නවතා ගන්න චන්ද්‍රිකා ප්‍රබල උත්සාහයක

රජයේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ කොටසක් රජයෙන් ඉවත් වීමට සූදානම් වීමත් සමග ඔවුන් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය උත්සාහයක නිරත වන බව වාර්තා වේ.

එජාපයේ ප්‍රබලයෙක් හිටපු ජනපතිනිය හරහා ඔවුන් රජය තුළ රඳවා ගැනී බලවත් උත්සාහයක නිරතව සිටින බව එජාප ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ඉකුත් සතියේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය රජයෙන් ඉවත් වීමට සූදානම්ව සිටින මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කර ඇති අතර ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ දෙසැම්බර් දක්වා ඔවුන්ගේ තීරණය කල් දාන ලෙසය.

ඒකාබද්ධ විපක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙකු සමගද ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය පාලනයෙන් එජාපය ඉවත් කර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රීලනිප රජයක් පිහිටුවිය යුතු බවය. පටු දේශපාලන න්‍යාය පත්‍රයෙන් බැහැරව රට ජාතිය, ආගම බේරා ගැනීමේ කාර්යයට ප්‍රමුඛතාව දි යුතු බවද මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී තිබේ

Rate this item
(0 votes)