July 23, 2017

බංග්ලාදේශ ජනපතිගෙන් ජනපති මෛත්‍රීට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බංග්ලාදේශ රාජ්‍ය සංචාරයට සමගාමීව සංවිධානය කළ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ (14) පස්වරුවේ බංග්ලාදේශ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා සහ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

එම සංස්කෘතික ප්‍රසංගයෙන් අනතුරුව බංග්ලාදේශ ජනාධිපතිවරයා විසින් පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජනයට ද ජනාධිපතිවරයා ඇතුඑ දූත පිරිස එක්වූහ.

Rate this item
(0 votes)