March 29, 2024

ආණ්ඩුවේ වාහන මැතිවරණෙට ගන්න " කොමාගේත්" සහාය

දකුණ සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් හැකිතාක් දුරට රාජ්‍ය ආයතනයන් හී වාහන භාවිතා කරනා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා චක්‍ර ලේඛයක් මගින් සියලුම තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දී ඇත.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට අමතරව කොළඹ,ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් හී සියලුම නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්  මගින් දන්වා තිබේ.

ඡන්ද විමසීමට අදාල මූලික කටයුතු කරනා සියලු නිලධාරීන් රජයේ වාහනවල ප්‍රවාහන පහසුකම් සපයන ලෙසත් අත්‍යවශ්‍ය කාරණයක දී හැර පුද්ගලික වාහන භාවිතා නොකරන ලෙසත් කොමසාරිස්වරයා උපදෙස් දී ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 16:52