July 23, 2017

වැල්ලවත්ත ගොඩනැගිල්ලට යටවූ අයෙක් මරුට - තවදුරටත් මෙහෙයුම්

කඩා වැටුණු වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටි පුද්ගලයකු බේරාගෙන ඊයේ (18) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔහු පැය අටකට වැඩි කාලයක් සුන්බුන් අතර සිරවී සිට ඇත. මේ අතර සුන්බුන්වලට යටවී අතුරුදන්ව ඇතැයි සැකකරන කාන්තාවක් සොයා අද උදෑසන ද මෙහෙයුම් ඇරඹූ බව පොලිසිය සඳහන් කරයි.

පොලීසිය සඳහන් කළේ වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි. 

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහය ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ගොඩනැඟිල්ල කඩා වැටීම පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. 

මේ වන විට අදාළ සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් 19 දෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)