November 22, 2017

“මම වලපයයි ගොඩපයයි“ - කාලෝ සයිටම් ගැන දැන් කියන කතාව

2002 වසරේ සිට 2017 දක්වා කාලය තුළ වෛද්‍ය සභාවට ප්‍රහාර 7 ක් එල්ල වී ඇති බවත් වයස 84 ක් වන තමාව මෙවැනි බිය ගැන්වීම් තුළින් කවරෙකුට හෝ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (18) පැවති වෛද්‍ය සභාවේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

සෑම විටම රෝගීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම තම කාර්යභාරය බව ද ඒ සඳහා ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් හා වෛද්‍යවරුන්ගේ වෘත්තිය විනය නිසි ලෙස පැවතිය යුතු බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

“ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි හෙතෙම අවධාරණය කළේය.

“මම වලපයයි ගොඩපයයි කියාගෙන ජීවත් වෙන කෙනෙක්. අපි බයකරලා කිසිම පුද්ගලයකුට හෝ දේශපාලන බලවතෙකුට ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ“ යැයි ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසීය. 

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ වෛද්‍යවරුන්ගේ වෘත්තීය විනය ආරක්ෂා කිරීම වෛද්‍ය සභාවේ වගකීම වන අතර ප්‍රමිතිය පිළිබඳ ගැටළුව නිසා වෛද්‍ය සභාවට ප්‍රහාර එල්ල වන බවද කාලෝ ෆොන්සේකා මහතා කියයි. 

ඇමෙරිකාවේ වෛද්‍ය අතපසුවීම් නිසා 2013 දී පුද්ගලයින් 440000 ක් මියගොස් ඇති හෙයින් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ඉතා වැදගත් බවද 2015 වසරේදී විශේෂඥයින් 10 දෙනකුගේ කණ්ඩායමක් සයිටම් ආයතනය පරීක්ෂා කොට ලබාදුන් වාර්තාවට අනුව එම සිසුන්ට සායනික පුහුනුව ප්‍රමාණවත් නැති බව තහවුරු වී ඇතැයිද මහාචාර්ය ෆොන්සේකා මහතා පැවසීය. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 19 May 2017 15:55