July 23, 2017

කොළඹ මාර්ග රැසකට ගස් කඩා වැටෙයි - කැළණිවැලි දුම්රියත් අවහිර වෙයි

පවතින අධික වාර්ෂාව සහ සුළං තත්ත්වය නිසා ගස් කඩා වැටීම හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

කොළඹ කොටුව ටෙලිකොම් මධ්‍යස්ථානය අසල, මරදාන ඩාලි පාරේ ගිනි නිවීමේ මධ්‍යස්ථානය අසල, පිටකොටුව ට්‍රැක්ටර් සංස්ථා හංදිය අසල හා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස බුලස් පටුමග යන ස්ථානවල මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට මහජනතාව සහ රථ වාහන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.

මේ අතර කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. 

නුගේගොඩ පැඟිරිවත්ත ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙම බාධාව ඇතිව තිබේ.

Rate this item
(0 votes)