April 24, 2024

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට පෙර කඩා වැටී තිබේ.

මේ වන විට තුවාලකරුවන් 09 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මෙලෙස කඩා වැටී ඇත්තේ වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලකි. 

එහිදී තුවාල ලැබූ පුද්ගලයින් නව දෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යවා ඇති බව පොලිසිය පැවසීය.

කඩා වැටුණු ගොඩනැගිල්ල උත්සව ශාලාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් බවත් වාර්තා වේ. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 May 2017 16:51