April 25, 2024

කළු කොඩි කතාව කියපු පුද්ගලයින් මහ රෑ කල වැඩක් ගැන ජනපති කියයි

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන විට කළු කොඩි ඔසවන්නැයි පැවසූ ඇතැමුන් මහා රාති‍්‍රයේ ගොස් එතුමා හමු වූ බව තමාට දැන ගන්නට ලැබුණු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අද (15) පෙරවරුවේ අරලගංවිල විලයාය මහා විද්‍යාලයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන අමතමිනි.

ආණ්ඩුව දුර්වල බව පවසමින් ආණ්ඩු පිහිටුවීමට අද ඇතැමුන් සිහින දකිමින් සිටින බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා පසුගියදා ගෝල්ෆේස් පිටියේ පැවති මැයි දින රැළියෙන් පසු ආණ්ඩු පිහිටුවීමට ඇතැමුන් සිහින දුටුවත්, පිට්ටනියකට බස්වලින් ගෙන ආ ජනතාව අනුව ආණ්ඩු හැදීමට සිහින දකිනවා නම් එය විහිළුවට කරුණක් බව ද කියා සිටියේය.

පසුගිය රජය සංදර්ශනාත්මක සංවර්ධනයක් රටට පෙන්වා මහා සංවර්ධනයක් ගැන කථා කළද ඒ තුළ තිබූ ණය බර අද රටක් ලෙස ඉදිරියට යාමේදී මතුව ඇති බරපතළම ගැටලුවක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

විදේශීය ණය බරින් රට නිදහස් කර ගනිමින්, රට සංවර්ධනය කරා ගෙනයාමට අද රජය පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා කුමන අභියෝග හමුවේ වුවද එම වැඩපිළිවෙළ ශක්තිමත්ව සහ වේගවත්ව ඉදිරියට ගෙන යමින් ජනතාවට අවශ්‍ය ආර්ථික සංවර්ධනය උදා කර දෙන බව ද කියා සිටියේය.

 

Rate this item
(1 Vote)