March 29, 2024

විමල්ගේ කළුකොඩි කතාවට මහින්ද පාඩමක් උගන්වලා

මේ මස 18 හා 25 අතර කාලය තුළ දී වෙනස්කම් ඇති කරන විදියේ දේශපාලනනික ‍තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවන අතර එහිදී පුටු මාරුවක් සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ මාතර, හක්මණ ප්‍රදේශයේ පැවැති ජන හමුවක එක් වෙමිනි.

සමහර අන්තවාදි දේශපාලනඥයන් ඉන්දීය අගමැති එනවිට කළු කොඩි දාලා විරෝධය පල කරන්නැයි ඉල්ලා සිටි බවත් නමුත් කිසිම කෙනෙක් විරුද්ධත්වය ප්‍රකාශ නොකළ බවත් පෙන්වා දුන් ලක්ෂමන් යාපා මහතා ඒකට පාඩමක් උගන්නන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර මහතා පැමිණ ඉන්දීය අගමැතිවරයාට ආචාර කළ බවද කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“මේ වෙනස හරහා මේ ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම හැකියාව ලැබෙනවා. මේ තුළින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම හැකියාව ලැබෙනාව. ඉන්දියානු අගමැතිවරයා එන අවස්ථාවේ දී බොහෝ දෙනා ප්‍රකාශ කළේ මෙරට දන්සලක් ඕනෑම දෙයක් ගෙන යාමට හැකියාව ලැබෙනවාය යන අදහසයි. මම අහනවා ඉන්දියානු අගමැතිවරයා ගෙන යනු ලැබුවේ කියලා. මොන ගිවිසුම ද අත්සන් කළේ. අපිට හානි කළ ගිවිසුමක් අත්සන් කළා ද නැහැ. එතුමාගේ කතාව අහගෙන සිටියා නම් ඔබතුමාල සියලුම දෙනා බුදු දහම ගැන මනා වැටහිමක් තිබිම ගැන ලෝකයට බුදු දහමේ වටිනාකම පිළිබඳව ඒ සම්බන්ධයෙන් එතුමා තුළ පැවැති වැටහිම පිළිබඳව අව‍බෝධ කර ගැනීමේ හැකියාව පැවැති යා. රටක් විධියට අපේ රට සමග ඇති බැදිම මේ කතාව ඇතුළත සියලු දේ තිබුණා. එතුමා එන විට සමහර අය කළු කොඩි දාන්න කියලා කිවා. නමුත් මේ රටේ එක මනුස්සයෙක් වත් කළු කොඩියක් දැම්මේ නැහැ. සමහර අන්තවාදි දේශපාලනඥයන් ඉන්දිය අගමැති එනවිට කළු කොඩි දාලා විරෝධය පල කරන්න කියලා කිවා. නමුත් කිසිම කෙනෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැ. ඒකට පාඩමක් උගන්නන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර මහතා පැමිණියා එතුමාට ආචාර කළා. මේ තුළින් අන්තවාදින් ප්‍රතික්ෂේව වුණා. මේ අන්තවාදිය අවශ්‍යව ඇත්තේ කාට ද කියලා අපිට පැහැදිලි වුණා. මේ රටවල් අතර භේද ඇති කරන්න මේ රට නැවතත් 1983 වගේ කළු ජුලියක් ඇති කරන්න. මේ රට නොයෙක් අන්තවාදි තත්ත්වයට තල්ලු කරන්න. අපිට අවශ්‍ය මේ රටවල්වල උදව් අර ගෙන අපේ රට දියුණු කරන්න“ යැයි අමාත්‍යවරයා පැවැසීය.

 

මාතර කැලුම්  බෝධිමාන

 

Rate this item
(1 Vote)