April 20, 2024

දොස්තර වර්ජනය කල් දමයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අද (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අනෙකුත් වෘත්තීය සමිති කළ ඉල්ලීමක් මත කල්දැමූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව අද සිට සේවයෙන් ඉවත්වී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබිණි.

තම සංගමය හා අනෙකුත් වෘත්තීය සමිති සයිටම් ආයතනයට විරුද්ධව ගනු ලබන වෘත්තීය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණු බවද හේරත් මහතා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති තමන්ට සහාය දක්වන බව ද තම වෘත්තීය ක්‍රියාමාර්ගයට පෙර රජයෙන් මීට විසඳුමක් අපේක්ෂා කරන බවද හෙතෙම කියා සිටියේය.

Rate this item
(0 votes)