April 25, 2024

සයිටම් ආයතනයට රජයෙන් තහනමක්

සයිටම් ආයතනයට නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙස රජය විසින් සයිටම් ආයතනයේ කළමානාකාරිත්වයට දන්වා තිබේ.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කරනතෙක් මෙසේ නවක සිසුන් බඳවා ගැනීම නතරකරන ලෙස රජය විසින් එම ආයතනයෙන් ඉල්ලීමක් කළ බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසී ය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා  මෙම ඉල්ලීම කර තිබේ.

සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොළඹ කොටස් වෙළෙඳ  ‍පොළේ ලැයිස්තු ගත කිරීම මෙම ආයතනවල අධ්‍යාපනය හා පරිපාලනය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑම සඳහා පාලක මණ්ඩලය පත් කිරිම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති නිසා ඒ සඳහා යම් කාලසීමාවක් අවශ්‍ය බවද ඇමැතිවරයා පැවැසීය.

විශේෂයෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම කඩිනම් කළයුතු බවත්,  ඉදිරි මාස දෙක ඇතුළත එම කටයුතු කිරීමට බලා‍පොරොත්තු වන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් අද (15) ප‍්‍රකාශයට පත්කරන බව ඇමැතිවරයා කියා සිටියේය.

Rate this item
(0 votes)