April 25, 2024

වෛද්‍ය සභා භූමියෙන් සොයාගත් අත්බෝම්බය ගැන විමර්ශන අරඹයි

කොළඹ මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා පරිශ්‍රයේ තිබී සොයාගත් අත්බෝම්බය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් අපරාධ හා රථවහාන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

119 හදිසි ඇතුම් අංකයට ලද තොරතුරක් මත මරදාන වෛද්‍ය සභා පරිශ්‍රයේ තිබී ඊයේ (13) උදෑසන එම් 04 වර්ගයේ අත් බෝම්බයක් පොලීසිය විසින් සෙයාගෙන තිබේ. එම අත්බෝම්බයේ ආරක්ෂක අගුලද ඉවත් කර තිබූ බව පොලිසිය පවසයි. 

පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් ග්‍රෑන්ඩ්පාස් පොදු සුසාන භුමියේදී එම අත්බෝම්බය නිශ්ක්‍රිය කරනු ලැබීය.

පෙර දින රාත්‍රී කිසියම් දෙයක් වැටුණු ශබ්දයක් ඇසී බැලුවද කිසිවක් නොදුටු බවත්, අද අලුයම එම භූමියේ තිබී පිපිරී නොගිය අත් බෝම්බය දුටු බවත් එහි ආරක්ෂක අංශ පොලිසියට පවසා ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍ය උපුල් ගුණසේකර මහතා සඳහන් කළේ මෙම ස්ථානයේ වෛද්‍යවරුන්ගේ ලිපි ගොනු හා නඩු වාර්තා රැසක් ගබඩා කර ඇති බවයි. 

Rate this item
(0 votes)