April 25, 2024

කොළඹ ඉදිකරන ගොඩනැගිල්ලක භූමියේ තිබී අස්ථි කොටස් හමුවෙයි

කොළඹ ගොඩනැගිල්ලක ඉදිකිරීම් අතරතුර සිදු කරන කැණීම්වලදී අස්ථි කොටස් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා බැකෝ යන්ත්‍රද යොදා සිදු කළ කැණීම්වලදී අදාළ අස්ථි කොටස් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

සොයා ගන්නා ලද මෙම අස්ථි කොටස් මිනිස් අස්ථි කොටස් ද යන්න සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹ නැත.

අදාළ අස්ථි කොටස් සොයා ගැනීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය මේ වන විට ස්ථානීය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.

Rate this item
(0 votes)