April 23, 2024

බිද්‍යා දේවි එයි - මෝදි යයි

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළලේ සමාප්ති උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී මහත්මිය අද (13) පෙරවරු 11.06 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියාය.

ගුවන්තොටුපොළේදී එතුමිය පිළිගනු ලැබුවේ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහ විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසිනි.

මේ අතර සාර්ථක නිල සංචාරයක් අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා ඊයේ (12) පස්වරු 6.30ට පමණ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සමුදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ද ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාවේ ජීවත් වන ඉන්දීය ජාතිකයන් පිරිසක් ඉන්දීය ජාතික කොඩි වනමින් සිය නායකයාට කෘතඥතාවය පළ කිරීමට එක්ව සිටියහ.

BIA 2

Rate this item
(0 votes)