April 23, 2024

නව තාක්ෂණය මුසුවූ දියවන්නා වෙසක් කලාපයට විශාල ජනකායක්

දියවන්නා වෙසක් කලාපය ඊයේ (10) දින කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පළමුවරට පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය ඊයේ (10) සිට 14 වනදා දක්වා දියත උද්‍යානයපාර්ලිමේන්තු සංකීර්ණය අවටජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වේ. ප්‍රථම දිනය වූ ඊයේ දිනයේදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වෙසක් කලාපය දැකබලා ගැනීමට පැමිණ සිටියහ.

ශ‍්‍රී ලංකාවේ සිදුකරන වෙසක් සැමරුමක පළමුවරට දැක ගත හැකි ජලතිර තොරණලේසර් තොරණ  සහ ආසියානු රටවල් වන ඉන්දියාවපකිස්ථානයචීනයබුරුමයතායිලන්තයසිංගප්පූරුවවියට්නාමයකාම්බෝජියාවමියන්මාරය සහ මැලේසියාව යන රටවල් දහයක බෞද්ධ සංස්කෘතීන් සහ සම්ප‍්‍රදායන් විදහා දැක්වෙනඒ ඒ රටවල් වලින් නිර්මාණය කෙරෙන වෙසක් සැරසිලි කුටි ද මෙවර දියවන්නා වෙසක් කලාපයේදී ඔබට දැක ගත හැකිය. අඩි 60 ක් දිග අඩි 30 ක් උස ජල තිර තොරණේ ජාතක කතා දෙකක් මූලිකව කතාවස්තුව නිර්මාණය කර ඇත. අඩි 60 ක් උස අඩි 40 ක් පළල ලේසර් තොරණෙහි දි සිදුහත් උපත සිට බුද්ධ පරිනිර්වාණය දක්වා සිතුවම් නිර්මාණය කෙරේ. 

දියවන්නා ඔය ආශ‍්‍රිතව නෙළුම්මල් 2,500 ක් පා කරමින් පළමු වරට ආලෝකමත් කෙරෙන ජල පුෂ්පයක් දපොල්දූව මංසන්දියේ දියවන්නා ඔයේ ස්ථාපිත කර ඇත. ජපන් මිත‍්‍රත්ව පාරේඅපේගම පරිශ‍්‍රයට යාබද වෙසක් උද්‍යානයේ ඩිජිටල් තොරණ්වෙසක් කූඩුශ‍්‍රී ලංකාවට උරුම චෛත්‍ය සම්ප‍්‍රදාය ඇතුළු අලංකෘත වෙසක් සැරසිලි රාශියකින් සමන්විතය. ඊයේ රාත‍්‍රී 7.30 සිට 12 වනදා රාත‍්‍රිය දක්වා දිනකට 75,000 කට සහභාගී විය හැකි මහා බත් දන්සලක් සහ දින පහ පුරාම කි‍්‍රයාත්මක නූඩ්ලස් දන්සල සහ ඔසුපැන් දන්සැල් ද මෙම කලාපයේ පැවැත්වේ.

Image may contain: night

Image may contain: night and outdoor

Image may contain: 3 people, wedding, crowd and night

Image may contain: night, bridge, sky, outdoor and water

Image may contain: 6 people

 

 

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 May 2017 16:48