March 29, 2024

මෝදිට විරුද්ධ නෑ - මහින්ද මෝදි එන උත්සවයට යන්න කැමතියිලු

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු විරෝධයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ රුවන්වැල්ල විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම මෝදි මහතා සහභාගී වන උත්සව සඳහා සම්බන්ධවීමේ ගැටළුවක් නොමැති බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෝදිගේ මෙරට සංචාරය රටට අහිතකර නොවන බවද පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීම පමණක් රටට අහිතකර වන බව පෙන්වා දෙයි.


Rate this item
(1 Vote)