March 28, 2024

පිළිකා රෝහලේ පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය තවමත් මිලදී ගෙන නෑ

මහරගම පිළිකා රෝහලට යෝජිත පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය තවමත් මිලදී ගෙන නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

2016 වසරේ ශ්‍රී ලාංකික ජනතාව ඉතා උද්යෝගයෙන් මෙම යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ අතර, 2016 ජුනි මස අවසන් වනවිට ඒ සඳහා රුපියල් මිලියන 250 ක මුදලක්‌ (රුපියල් ලක්‍ෂ 2500) එම අරමුදලට එකතුවී තිබිණි.

මේ වනවිට මාස 10 ක කාලයක්‌ ගතවී තිබුණත් රජයේ ටෙන්ඩර් පටිපාටියේ සිදුවූ විවිධ අක්‍රමිකතා සහ අකාර්යක්‍ෂමතාවන් නිසා මෙම පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය මිලදී ගැනීමේ කටයුතු අඩාල වී ඇතැයිද පැවැසේ.

මෙම තත්ත්වයට මූලිකවම හේතුව වී ඇත්තේ එම උපකරණය මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන පටිපාටියට බැහැරට යමින් ලක්‍ෂ 700 ක්‌ පමණ මිලෙන් වැඩි ලංසුවක්‌ පිළිගැනීමට කටයුතු කර තිබීම බවද වාර්තා වේ.

මෙම මිලෙන් වැඩි ලංසුව පිළිගැනීමට නිර්දේශ කිරීම ප්‍රසම්පාදන පටිපාටියට අනුකූලව සාධාරණීකරණය කිරීමට මෙම සාමාජිකයන් අපොහොසත් වී ඇතැයිද මෙය මෙම සාමාජිකයන් කීපදෙනාගේ තීරණයක්‌ බවද එම රෝහල් ආරංචි මාර්ග තවදුරටත් පැවසී ය.
 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 May 2017 12:36