March 28, 2024

සිරකරුවන් 597කට නිදහස

වෙසක් පොහොයට සමගාමීව බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 600කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 

සුළු වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් 597 දෙනෙකු මෙලෙස නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

මේ අතර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වවුනියාව බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 12 දෙනකුට අද(10) නිදහස ලැබිණි.

දණ්ඩනීති සංග‍්‍රහය යටතේ බරපතල ගණයේ වැරදි වලට අයත් නොවන සුළු වැරදි සම්බන්ධයෙන් හා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටි පිරිමි රැඳවියන් 12 දෙනකු මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව වවුනියාව බන්ධනාගාර නිලධාරීහු පවසති.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 May 2017 13:42