April 19, 2024

සුරාසැල් වසා දමයි

වෙසක් පොහොය යෙදී ඇති අද (10) සහ හෙට (11) දෙදින දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 

 අදාළ දෙදින තුළ සියලු සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් කටයුතු කළ යුතු බව එම අමාත්‍යාංශය පැවසී ය.

ඉහත සඳහන් දින දෙකට අමතරව එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන 12 වන දින කොළඹ දිස්ත්‍රීක්කයේත්, එම උත්සවයේ සමාප්ති උළෙල පැවැත්වෙන 14 වන දින මහනුවර දිස්ත්‍රීක්කයේත් සියලුම සුරාසැල් වසා තබන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

එසේම අදාළ දිස්ත්‍රික්ක තුළ අදාළ දිනවල සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙස සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රීක් ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Rate this item
(0 votes)