March 28, 2024

"උතුරේ වැඩි ජනතාවකගේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ"

යුද සමයේදී රට වෙනුවෙන් ලේ හෙලු රණවිරුවන් අද ජනතාව ජීවත් කිරීමට තම ලේ දන් දෙන බවත් උතුරේ ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ඇගේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ බවත් උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ උතුරු පලාත් 08 වන රණවිරු සැමරුම ඊයේ (08) සවස යාපනය පලාලි ගුවන් හමුදා කඳවුරේ පැවති අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙම යුද සැමරුම් අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි, කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඒ.කාරියකරවන මහතා සහ රණවිරු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රණවිරුවන්ද සහභාගී වී සිටි අතර පලාලි පිහිටි රණවිරු ස්මාරකය අසලදී ආචාර පෙලපාලි හා පුෂ්පෝපහාරයන් පැවත්වුණී.

එහිදී ආණ්ඩුකාරවරයා මෙසේද කියා සිටියේය.

‘‘අද අපි මේ සැමරුම සමරන්නේ කුලයට,ජාතියට,ආගමට , ප්‍රදේශයක ජයග්‍රහනයක් විදිහට නෙමෙයි මනුෂ්‍යත්වයේ ජයග්‍රහනයක් විදිහටයි. එදා රණවිරුවන්ට කරපු රාජකාරියට වැඩි යමක් කරන්න වෙලා අද රටේ ආර්ථිකය දියුණු කරන්නට කැප වෙන්න වෙලා.

ජනාධිපතිතුමන්ට ලබුනු වරම තමයි අද මේ රටේ සංහිදියාව ගොඩනැගීම හමුදාවගේ නායකයා එතුමා. හමුදාව කැප වෙන්නේ මේ සංහිදියාව වෙනුවෙනුයි. අද ආයුධ ඇතිව ආයුධ නැතිවා සේ මේ හමුදාව සිදු කරන කැප කිරීම ඉමහත් ප්‍රශංශනීයයි. එදා ලේ හැලුවේ මේ රට ජාතිය වෙනුවෙන් අද ඒ බේරගත්ත ජනතාව ජීවත් කරන්න ලේ දන් දෙනවා.“ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)