April 16, 2024

දරුවා සමඟ මවක් කැළණි ගඟට පනී

වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි මවක් සිය 6 හැවිරිදි දරුවා ද රැගෙන අද(29) දහවල් කඩුවෙල පාලමෙන් කැළණි ගගට පැන තිබේ.

කෙසේ වෙතත්, අසල සිටි පිරිසක් අදාල කාන්තාව බේරාගෙන ඇති අතර, ඇගේ දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය පැවසී ය. අදාළ කාන්තාව මේ වනවිට බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අතුරුදන්ව සිටින දරුවා සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

පසුව  මෙම කාන්තාව බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය ප්‍රකාශ කර ඇත්තේ දරුවා හදා වඩා ගැනීමට අපහසු නිසා මෙලෙස කැළණි ගගට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ බවයි.

එමෙන්ම අතුරුදන්වූ දරුවාට අමතරව තවත් වයස අවුරුදු 21 ක සහ මාස 11 දරුවන් දෙදෙනෙකු සිටින බවත් සිය සැමියා තමන් හැරගොස් සිටින බවත් ඇය පොලිසියට අනාවරණය කළේය.

ඇය පවසා ඇත්තේ 21 හැවිරිදි දරුවා තම මව සමගද මාස 11 ක් වන දරුවා තම සැමියා සමගද ජීවත්වන බවයි. දරුවාද සමග ගඟට පැන දිවි නසා ගැනීමට උත්සාහ ගත් 39 හැවිරිදි මවගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර ඇය රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය. මව සහ දරුවා ගඟට පැන්න කඩුවෙල පාලමේ ස්ථාන කිහිපයක රුධිර පැල්ලම් කිහිපයක්ද ඇතැ බව වාර්තා වේ.

Rate this item
(1 Vote)